
මුනි සද මෙලොවට පෑයූ දා ඉද
මේ ලොව ගනදුර පහව ගියා
මුනිදුන්ගේ මුල් පුතුන්ම වන්නට
කල්පයකට වැඩි කුසල් කරා
කොඤ්ඤ යන නමින්ම මෙලොවෙ
ගෞතම සසුනේ මුලින් තියා
තෙරිදුන් වදිනෙමි දෑත නලලෙ බැද
කෝටියකට වැඩි වැදුම් යොමා
තෙරිදුන් වදිනෙමි දෑත නලලෙ බැද
කෝටියකට වැඩි වැදුම් යොමා
මුනිදුන් මුල්කොට පෙලට වඩිනවිට
අගසවුවන් පසු පසින් තියා
මුනිදුන් සෙවනේ පහසින් වෙන් වී
වැඩියයි සමිදුන් වනය කරා
වනයේ සිටි මහා සත්ධන්තම ඇතු
පෙලටයි ආවේ තෙරිදු කරා
ඵලවැල ගෙන දානයයි දුන්නේ
උදේ හවා උනුසුමින් පුදා
තෙරිදුන් පිරිනිවනට දින පැමිණිය
මොහොතට කල් ළඟ බවම